ශ්රී ලංකා ජනපතිත් ජපන් අගමැතිත් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපන් සංචාරය අද නිමාවනවා. අද රාත්‍රියේ ජනාධිපතිතුමා පිලිපීනය බලා පිටත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
අද දිනයේත් ජනාධිපතිතුමා ටෝකියෝ නුවරදී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ද්වීපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට එක්වුණා.
අද උදෑසන ජනාධිපතිතුමා ජපානයේ අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූවා.
දෙරට අතර සබදතා හා ඉදිරි ආර්ථික සැළසුම් පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබුණා.
ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා සමග ද ජනාධිපතිතුමා ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අද රාත්‍රියේ ජනාධිපතිතුමා පිලිපීනයේ මැනිලා නුවර ආරම්භ වන ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ රැස්වීමට සහභාගිවීමට පිලිපීනයේ මැනිලා නුවර බලා පිටත්ව යාමට නියමිතයි.
මෙවර රැස්වීමේ මුලසුන හොබවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.
මෙම සංචාරයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසත්සුගු අසකාවා සමග ද ජනාධිපතිතුමා සාකච්ඡා කරනු ඇති.
The post ශ්රී ලංකා ජනපතිත් ජපන් අගමැතිත් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා appeared first on ITN News.