යුක්රේනයේ පළාත් 4 ක ජනමත විචාරණයෙන් රුසියාවට ජය
රුසියාවට පක්ෂපාත කැරළිකරුවන් පාලනය යටතේ පවතින යුක්රේනයේ පළාත් 4 ක පැවති ජනමත විචාරණයෙන් රුසියාවට ජය හිමිව තිබෙනවා.
ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, කර්සන් හා සපොරිෂියා යන පළාත්වල රුසියාවට එක්වීමට කැමැත්ත විමසමින් ජනමත විචාරණයක් පැවැත්වුණා.
ජනමත විචාරණයෙන් ලද ජයග්‍රහණයත් සමග එම පළාත් රුසියාවට අයත් වනවා.
දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඡන්දය ප්‍රකාශය කිරීමට ජනතාවට ඉඩ සළසා තිබූ බවයි රුසියා මාධ්‍ය සදහන් කරන්නේ.
එමෙන්ම මිලියන 4 ක පමණ පිරිසක් ජනමත විචාරණයේ දී තම මතය ප්‍රකාශ කර ඇති බවද සදහන්.
එම ප්‍රදේශ හතරේ ලද ජයග්‍රහණයත් සමග සමස්ත යුක්රේනයේ භූමි භාගයෙන් සියයට 15 ක පමණ ප්‍රදේශයක් රුසියා බලයට නතුවනවා.
කෙසේ වුවද යුක්රේනය හා ඔවුන්ට හිතවත් බටහිර රටවල් සදහන් කරන්නේ ජාත්‍යන්තර මැදිහත්වීමකින් තොරව පැවති ජනමත විචාරණයේ ප්‍රතිඵල පිළිගත නොහැකි බවයි.
The post යුක්රේනයේ පළාත් 4 ක ජනමත විචාරණයෙන් රුසියාවට ජය appeared first on ITN News.