ලෝක ළමා දිනයේ දී මෙරට සියලු සත්වෝද්යාන වාර්තා තබයි
මෙරට සියලු සත්වෝද්‍යාන මෙම වසරේ දිනකදී ලැබූ ඉහළම ආදායම ලෝක ළමා දිනයේ දී වාර්තා කර තිබෙනවා.
ලෝක ළමා දිනය යෙදී තිබූ ඔක්තෝබර් පළමුවනදා දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලබා ඇති මුලු ආදායම රුපියල් පනස්ලක්ෂ අසූදහස් තුන්සිය හැත්තෑහතක්.
පින්නවල අලු සුරැකුම් මධ්‍යස්ථානය එම දිනයේදී රුපියල් නවලක්ෂ හතලිස් හත්දහසක මුදලක් ද පින්නවල සත්වෝද්‍යානය රුපියල් 949,200 ක මුදලක් හා රිදියගම සෆාරි උද්‍යානය රුපියල් 856,000 ක මුදලක් උපයා තිබෙනවා.
ඒ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නා.
ලෝක ළමා දිනය නිමිත්තෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව දරුවන්ට හා වයස අවුරුදු 60 ට ඉක්මවූ වැඩිහිටියන්ට සත්වෝද්‍යානවලට නොමිලේ ඇතුළුවීමට අවසර ලබාදී තිබුණා.
The post ලෝක ළමා දිනයේ දී මෙරට සියලු සත්වෝද්යාන වාර්තා තබයි appeared first on ITN News.