යතුරුපැදි අනතුරකින් පොලිස් ස්ථානාධිපතිවරයෙක් ජීවිතක්ෂයට
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අලුත්ගම ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ බේරුවල පොලීසියේ දූෂන මර්දන අංශයේ ස්ථානාධිපතිවරයායි.
අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇත්තේ අද අලුයම 1.30 ට පමණයි. අනතුරෙන් බරපතල තුවාල ලැබූ තුන් දෙනෙකු කළුතර රෝහලට ඇතුළත් කෙරුණා. ඔවුන් අතර බේරුවල පොලීසියේ තවත් නිලධාරියෙකු ද වනවා.
The post යතුරුපැදි අනතුරකින් පොලිස් ස්ථානාධිපතිවරයෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.