එරික් සෝල්හයිම් දිවයිනට
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ හිටපු විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතා දිවයිනට අද පැමිණියා.
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් යානයකින් ඒ මහතා කටුනායක ගුවන්තොටුපොලට පැමිණියේ අද පස්වරුවේයි. 2002 වසරේ පැවති සාම සාකච්ඡා සදහා පහසුකම් සලසන්නෙකු ලෙස එරික් සොල්හයිම් මහතා අවස්ථා කිහිපයකදීම ශ්‍රීලංකාවට පැමිණ තිබෙනවා. ඒ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
The post එරික් සෝල්හයිම් දිවයිනට appeared first on ITN News.