මැලේසියා පාර්ලිමේන්තුව විසුරුවයි – මහ මැතිවරණය ලබන නොවැම්බරයේ දී
මැලේසියා අග්රාමාත්යවරයා විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.
මැලේසියා අග්රාමාත්ය ස්මයිල් සබ්රි යාකොබ් විශේෂ ප්රකාශයක් සිදුකරමින් ඊයේ දිනයේ දී සඳහන් කළේ එරට පාර්ලිමේන්තුව විසුරුවාහරින බවයි.
එමෙන්ම මහ මැතිවරණය ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත බවද ඔහු සඳහන් කළා.
පාර්ලිමේන්තු වාර අවසාන වීමට මාස 9 ක කාලයක් තිබියදීයි මෙලෙස විසුරුවා හැරුණේ.
එරට රජයේ ප්රධාන පාර්ශ්වකරුවෙකු වන අග්රාමාත්යවරයාගේ නායකත්වයෙන් යුතු එක්සත් මැලේස් ජාතික සංවිධානය පාර්ලිමේන්තුව විසුරුවාහරින ලෙස පසුගිය කාලයේ දී ඉල්ලීම් සිදුකළා.
පෙරේදා දිනයේ දී එරට සුල්තාන් අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා රජු මුණගැසුනු අග්රාමාත්යවරයා පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධයෙන් ඔහු දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුගේ රජයේ විනිවිදභාවය ප්රශ්න කිරීම හේතුවෙන් මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළ බවයි අග්රාමාත්යවරයා පෙන්වා දෙන්නේ.
The post මැලේසියා පාර්ලිමේන්තුව විසුරුවයි – මහ මැතිවරණය ලබන නොවැම්බරයේ දී appeared first on ITN News.