ජනතාවගේ පැමිණිලිවලට කඩිනම් ප්රතිචාර දක්වන්න – ජනපතිගෙන් රාජ්ය ආයතනවලට උපදෙස්
ජනතාවගෙන් රාජ්‍ය ආයතන වෙත ලැබෙන ලිපි සහ දුරකතන ඇමතුම්වලට පිළිතුරු ලබාදීමේ ක්‍රියාවලිය විධිමත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
ඊට අදාළ උපදෙස් ලිපිය මේ වනවිටත් ආයතන ප්‍රධානීන් වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
කාලය, ශ්‍රමය හා මුදල් වැය කරමින් යම් කාර්යයක් ඉටුකර ගැනීමට ජනතාව රාජ්‍ය ආයතන වෙත නිරතුරුව පැමිණෙනවා.
ඔවුන් යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ ලබාදෙන දුරකතන ඇමතුම්වලට කඩිනම් ප්‍රතිචාර දක්වමින් අදාළ කාර්යයන් ඉටුකරදීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි හා දුරකතන ඇමතුම් වෙනුවෙන් පිළිතුරු ලබාදීමේ විධිවිධාන ඇතුළත් කරමින ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් පරිදි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන ලේකම්වරයාගේ අත්සනින් යුතුව විශේෂ ලිපියක් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත එම ලිපිය මේ වනවිටත් යොමුකර තිබෙනවා.
ජනතාව රාජ්‍ය ආයතන වෙත යොමුකරන ලිපි සදහා ප්‍රමුඛතාව ලබාදී කටයුතු කළ යුතුයි. වහාම අවසන් පිළිතුරු යැවිය නොහැකි අවස්ථාවල දී සතියක් ඇතුළත ලිපිය ලද බවට අතුරු පිළිතුරක් හා සති 4 ක් ඇතුළත අවසන් පිළිතුරක් යැවීමේ අවශ්‍යතාව අදාළ ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.
සියලු රාජකාරි ලිපි සදහා පිළිතුරු ලිපි යැවීමේ දී අදාළ ලිපියේ අත්සනට පහළින් එකී ලිපියේ අදාළ විෂයභාර මාණ්ඩලික නිලධාධාරියාගේ සෘජු දුරකතන අංකය, ෆැක්ස් අංකය හා විද්‍යුත් ලිපිනය ද සදහන් කළ යුතුයි.
කාර්යාලවල පොදු විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන ලිපි දිනපතා පරීක්ෂා කළ යුතු අතර ඒ සදහා නිශ්චිත නිලධායෙකු පත්කළ යුතුයි.
මාණ්ඩලික නිලධාරීන්ගේ විද්‍යුත් ලිපින වෙත ලැබෙන ලිපිද දිනපතා පරීක්ෂා කළ යුතු බවටයි අදාළ ලිපියෙන් උපදෙස් ලබාදී ඇත්තේ.
විද්‍යුත් ලිපි සදහා එදිනම පිළිතුරු ලබාදීමට උත්සක විය යුතු අතර ඒ සදහා එදිනම පිළිතුරු ලබාදිය නොහැකි නම් ලිපිය ලද බවත් ඊට පිළිතුරු ලැබීමට අවශ්‍ය කාලයත් සදහන් කර අතුරු පිළිතුරක් යොමුකළ යුතුයි. එමෙන්ම සාධාරණ කාලයක් තුළ අදාළ විමසීම් සදහා පිළිතුරු ලබාදීම ද අත්‍යවශ්‍ය වනවා.
කාර්යාල වෙත ලැබෙන සියලු දුරකතන ඇමතුම් සටහන් කර ගැනීම සදහා නිශ්චිත නිලධාරියෙකු පත්කළ යුතු අතර ඇමතුම් ලබාදුන් පුද්ගලයාගේ තොරතුරු හා දුරකතන අංකය මෙන්ම කාරණය ද සටහන්කරගත යුතුයි.
පිළිතුරු ලබාදීමට අපහසු කරුණක් නම් අදාළ මාණ්ඩලික නිලධාරියා හෝ විෂයභාර නිලධාරියා විසින් සාධාරණ කාලයක් ඇතුළත පිළිතුරු ලබාදීමට කටයුතු කළ යුතු බවද අදාල ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.
The post ජනතාවගේ පැමිණිලිවලට කඩිනම් ප්රතිචාර දක්වන්න – ජනපතිගෙන් රාජ්ය ආයතනවලට උපදෙස් appeared first on ITN News.