වවුනතිව් සූර්ය පැනල විදුලිබලාගාරය විවෘත කෙරේ
මඩකලපුව වවුනතිව් ප්‍රදේශයේ ඉදිකළ සූර්ය පැනල විදුලිබලාගාරය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
වවුනතිව් ප්‍රදේශයේ ඉදිකළ සෝලා සුනිවර්ස් මෙගාවොට් 10 ක සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කරන මෙම බලාගාරයෙන් වාර්ෂිකව ගිගාවොට් 20 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙනු ඇති.
සූර්ය පැනල මගින් බලශක්ති උත්පාදනය කර කෘෂිකර්මාන්තයට යෙදවීම සිදු වනවා. එවැනි ව්‍යාපෘතියක් මෙරට ආරම්භ කළ පළමු අවස්ථාව මෙයයි.
වින්ඩ් ෆෝස් විදු ලංකා සහ හයි එන්ර්ජි සමාගම්වල ආයෝජනවලින් සංවර්ධනය කෙරෙන මෙය ඉතා පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ.
The post වවුනතිව් සූර්ය පැනල විදුලිබලාගාරය විවෘත කෙරේ appeared first on ITN News.