විදේශ ඇමති අපනයන ක්ෂේත්රයට සම්බන්ධ ව්යාපාරික නායකයන් හමු වෙයි
අපනයන ක්ෂේත්රයට සම්බන්ධ ව්යාපාරික නායකයන් සහ වානිජ මණ්ඩලවල ප්‍රධානීන් රැසක් හමුවීමට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා කටයුතු කළා. ඒ අපනයන ක්ෂේත්‍රයේ පවතින අවස්ථාවන් හා ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.
විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධානීන් අතර හමුව විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ව්‍යාපාරික ප්‍රජාවට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලැබිය යුතු සහාය පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණා. අමාත්‍ය අලි සබ්රි මහතා සදහන් කළේ රටේ ආර්ථිකය වර්ධනය කිරීමේදී අපනයන ක්ෂේත්‍රයට විශාල කාර්යභාරයක් ඇති බවයි.ලොව පුරා පිහිටි සියලුම ශ්‍රී ලංකා තානාපති කාර්යාල වල සහාය මෙරට ව්‍යාපාරිකයන් සදහා ලබාදීමට කටයුතු කරන බවද ඔහු සදහන් කළා.
ව්‍යාපාරික ක්ෂේත්‍රය නියෝජනය කරමින් පැමිණි ව්‍යාපාරික ප්‍රධානීන් සදහන් කළේ ප්‍රධානතම රටවල් සමග නිදහස් වෙළෙද ගිවිසුම් ඇතිකර ගැනීම ප්‍රමුඛ කාර්යය බවට පත් කරගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි වන පරිදි සිදුවන වැරදි මාධ්‍ය ප්‍රචාර නිවැරදි කිරීමට වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔවුන් පෙන්වා දුන්නා. මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මෙන්ම විවිධ වානිජ මණ්ඩල සහ අපනයන සංවිධාන 20 ක පමණ ව්‍යාපාරික නායකයන් එක් වුණා.
The post විදේශ ඇමති අපනයන ක්ෂේත්රයට සම්බන්ධ ව්යාපාරික නායකයන් හමු වෙයි appeared first on ITN News.