රුසියා හමුදා යුක්රේනයේ නගර රැසකට දැඩි ප්රහාර එල්ල කරයි
රුසියා හමුදා යුක්රේන නගර රැසකට දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
යුක්රේන නගර හා ගම්මාන 40 කට පමණ රුසියාව එල්ල කළ මිසයිල පතිත වුණා. මේ සම්බන්ධයෙන් නේටෝ සංවිධානයට සම්බන්ධ රටවල් බ්‍රසල්ස් නුවරදී විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුවා. යුක්රේනයේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකි වන පරිදි නව ආරක්ෂක පද්ධතියක් පිහිටුවීම නේටෝ සංවිධානයේ ඉලක්කය වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් රුසියා රජය සදහන් කර ඇත්තේ බටහිර රටවල් යුක්රේන යුද්ධයට සම්බන්ධ වුවහොත් එය රුසියාවට එරෙහිව ක්‍රියාත්මක කරන සෘජු යුද්ධයක් ලෙස සළකා කටයුතු කරන බවයි. යුක්රේනයට එරෙහිව තමන් විශේෂ මෙහෙයුමක් පමණක් සිදු කරන බව රුසියාව සදහන් කර තිබෙනවා.
එය රට ආක්‍රමණය කිරීමක් ලෙස කිසි ලෙසකවත් සැළකිය නොහැකි බවයි රුසියා විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කර ඇත්තේ.
The post රුසියා හමුදා යුක්රේනයේ නගර රැසකට දැඩි ප්රහාර එල්ල කරයි appeared first on ITN News.