කැලණි ගඟ ස්ථාන කිහිපයකින් පිටාර ගලයි
අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ ස්ථාන කිහිපයකින් පිටාර ගලමින් පවතිනවා. ඒ හේතුවෙන් කැලණි ගඟ අවට ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයකුයි මේ වනවිට පවතින්නේ. මල්වාන කොළඹ 226 මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එහි ගමනාගමනය මුළුමනින්ම ඇණහිට තිබෙනවා. බැලුම්මහර සිට බත්තරමුල්ල දෙසට ගමන් කරන නව නුවර පාර සියඹලාපේ හන්දිය ප්‍රදේශයෙන් යට වී තිබෙනවා.
කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 226 ක පුද්ගලයන් 841 දෙනෙකු අවතැන්ව සිටිනවා. අද පෙරවරු දහයයි තිහ වන විට කැළණි ගගේ හංවැල්ල ජල මාපකයේ ජල මට්ටම මීටර් 8.2ක් ලෙස සටහන් වුණා. එය සුළු ගංවතුර තත්ත්වයක්.
The post කැලණි ගඟ ස්ථාන කිහිපයකින් පිටාර ගලයි appeared first on ITN News.