ඩෑන් ප්රියසාද් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
රුපියල් කෝටි පහළොස් දහසක මුදල් වංචාවක් සම්බන්ධයෙන් පසුගියදා යූ ටියුබ් සාකච්ඡාවකින් ප්‍රකාශ කෙරුණා. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසටත් එහි සත්‍ය අසත්‍යතාව පිළිබද විමර්ශනයක් සිදුකරන ලෙසටත් ඉල්ලමින් ඩෑන් ප්‍රියසාද් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කලා.
අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ චූඩා මාණික්‍යය ප්‍රතිසංස්කරණය කළ අවස්ථාවේ එහි පාදමේ තිබූ රුපියල් කෝටි පහළොස් දහසක් වටිනා මැණික් ගල් අලෙවි කර ඇති බවට ආචාර්ය අනූජ ජයසිංහ මහතා කළ ප්‍රකාශයක් මුල්කරගනිමින් මේ පිළිබද පරීක්ෂණ පවත්වන ලෙසටයි පැමිණිලි කර තිබෙන්නේ. ඩෑන් ප්‍රියසාද් මහතා අදාළ පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.
The post ඩෑන් ප්රියසාද් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට appeared first on ITN News.