කොකේන් තොගයක් සමඟ තරුණියක් කටුනායකදී අත්අඩංගුවට
රුපියල් මිලියන 130 ක් වටිනා කොකේන් තොගයක් සමග විදෙස් තරුණියක කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බ්‍රසීලයේ සිට කටාර් හරහා මෙරටට පැමිණි සුරිනාම් ජාතික 26 හැවිරිදි තරුණියකගේ ගමන් මල්ලේ තිබී කොකේන් තොගය සොයාගත්තා. ආහාර වශයෙන් සදහන් කළ ටින් 5 ක සූක්ෂම ලෙස හදුනාගෙන තිබූ මෙම කොකේන් තොගය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 553 ක් වන බවයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් සදහන් කළේ. වැඩිදුර විමර්ශන සදහා සැකකාරිය සහ කොකේන් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.
The post කොකේන් තොගයක් සමඟ තරුණියක් කටුනායකදී අත්අඩංගුවට appeared first on ITN News.