අටමස්ථානාධිපති හිමියන්ට අවසන් ගෞරව දැක්වීමට මහා විහාර පරිශ්රයට ජන ගඟක්
අපවත් වී වදාළ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහස්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට මහා සගරුවන මෙන්ම සැදැහැවතුන් විශාල වශයෙන් පැමිණෙමින් සිටිනවා. දේහය තැන්පත් කර ඇත්තේ මහා විහාර පරිශ්‍රයේයි.
අටමස්ථානාධිපති ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළබද ආදාහන පුජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සෙනසුරාදා පස්වරුවේ සිදු කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
මාතලේ දඹුල්ල පල්ලේගම ග්‍රාමයේදී 1953 වසරේ ජනවාරි දෙවනදා උපත ලද පල්ලේගම සිරිනිවාස ස්වාමීන්වහන්සේ 1968 වසරේදී පැවිදි දිවියට ඇතුළත් වුණා. 1975 වසරේ මහනුවර මංගල උපෝසතාරාමයේදී උපසම්පදා සීලයේ පිහිට වූ සිරිනිවාස ස්වාමීන්වහන්සේ අටමස්ථානාධිපති ධුරයට පත් වූයේ 1997 වසරේයි.
දැවැන්ත ශාසනික හා ජාතික මෙහෙවරක් ඉටු කළ උන්වහන්සේ හදිසියේ රෝගාතුර වීමෙන් කොලඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ අපවත් වුණා.උන්වහන්සේගේ ශ්‍රී දේහය අද පස්වරුවේ කොළඹ සිට අනුරාධපුරය දක්වා වැඩමකරනු ලැබුවා.
ආදාහන පූජෝත්සවය පූර්න රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. එම කටයුතු සම්බන්ධීකරණයට අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා හා උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් යන මහත්වරුන්ගේ යුතු කමිටුවක් පත් කිරීමටද ජනාධිපතිවරයා පියවර ගත්තා.
අනුරාධපුර ශ්‍රී මහා බෝධි මහාවිහාර පරීශ්‍රයේ තැන්පත් කර ඇති ශ්‍රී දේහයට ගෞරව දැක්වීම සදහා මහා සංඝරත්නය මෙන්ම සැදැහැවතුන් විශාල වශයෙන් පැමිණමෙන් සිටිනවා.
The post අටමස්ථානාධිපති හිමියන්ට අවසන් ගෞරව දැක්වීමට මහා විහාර පරිශ්රයට ජන ගඟක් appeared first on ITN News.