ෂී ජින් පින්ගේ බලතල තවදුරටත් වැඩි කරමින් ව්යවස්ථා සංශෝධනයක්
චීනයේ කොමියුනිස්ට් පක්ෂය තුළ බලය ශක්තිමත් කර ගැනීමට ජනාධිපති ෂී ජින් පින්ග් කටයුතු කර තිබෙනවා.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මහා සමුළුවේදී ෂී ජින් පින්ගේ බලතල තවදුරටත් වැඩි කරමින් ව්යවස්ථා සංශෝධනයක් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කමිටුවට අග්‍රාමාත්‍ය ලී කෙකියෑන් හා ප්‍රධානතම දේශපාලනඥයෙකු වන වැන්යෑන්ග් ඇතුළත් නොවීම විශේෂත්වයක් බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. හෙට දිනයේදී නව දේශපාලන මණ්ඩලය ද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ෂී ජින් පින්ග් තුන්වන ධුර කාලයක් සඳහා ද කටයුතු කරන අතර මාවෝ සේතුංගෙන් පසු චීනයේ බිහිවන වඩාත් බලවත්ම පාලකයා බවට පත්වනවා.
The post ෂී ජින් පින්ගේ බලතල තවදුරටත් වැඩි කරමින් ව්යවස්ථා සංශෝධනයක් appeared first on ITN News.