ආහාර බැංකුවක්
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම හා පෝෂණ තත්ත්වය වර්ධනය කිරීමට ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ආහාර හුවමාරු මධ්‍යස්ථාන මගින් ප්‍රදේශ වාසීන්ගේ අතිරික්ත ආහාර ප්‍රදේශයේ පිහිටුවා ඇති ආහාර බැංකුවට ලබා ගෙන ආහාර හිග පවුල් වෙත ඒවා බෙදා දීම සැලැස්මයි.
ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමේ ප්‍රගති සමාලෝචනය කිරීමේ සාකච්ඡාවේදී මේ පිළිබද විශේෂ අවධානය යොමු කෙරුනා. සාකච්ඡාව පැවැත්වුණේ අහාර සුරක්ෂිතතාව පිළිබද ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්. මාර්ගගත ක්‍රමය ඔස්සේයි සාකච්ඡාව පැවැත්වුණේ.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යල කේන්ද්‍ර කර ගනිමින් ග්‍රාමසේවා වසම් 14022ම ආවරණය වන පරිදී වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
The post ආහාර බැංකුවක් appeared first on ITN News.