ජලය ආශ්රිත ක්රියාකාරකම් සිදු කිරීමේදී ප්රවේශම් වන ලෙස පොලිසියෙන් දැනුම් දීමක්
දීර්ඝ සතිඅන්තයක් යෙදී තිබීම හේතුවෙන් සංචාරවල නිරත සියලු දෙනා ජලය ආශ්රිත ක්රියාකාරකම් සිදු කිරීමේදී දැඩි ලෙස ප්‍රවේශම් වන ලෙස පොලිසිය දැනුම් දෙනවා.
දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශ, දියඇලි, ගංගා ඇතුළු සියලු වැව් ජල මට්ටම් සීඝ්‍ර යෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් අනතුරු රැසක් ද වාර්ථා වී ඇති අතර කිසිදු ස්ථායක දිය නෑම ඇතුලු ජල ක්‍රිඩාවේ යෙදීම අනතුරුදායක බවයි පොලිසිය දැනුම් දෙන්නේ. ජල පෝෂක ප්‍රදේශවලට අදික වර්ෂාවක් ලැබීම හේතුවෙන් එකවරම ගංගාවල ජලය ඉහළ යාමේ අවධානමක් ද පවතිනවා. ගංගා මෙන්ම වැව් ආශ්‍රිත රාජකාරිවල නිරතව සිටින ජිවිත ආරක්ෂක හා ප්‍රජා පොලිසි නිලධාරීන් ලබා දෙන උපදෙස් පිලි පදින ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.
The post ජලය ආශ්රිත ක්රියාකාරකම් සිදු කිරීමේදී ප්රවේශම් වන ලෙස පොලිසියෙන් දැනුම් දීමක් appeared first on ITN News.