ආයුර්වේද නිෂ්පාදන අලෙවිය සදහා පුළුල් වැඩපිළිවෙළක්
ආයුර්වේද නිෂ්පාදන අලෙවිය සදහා පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. රජයේ ව්‍යාපාර ලාභදායී තත්ත්වයට පත්කිරීමේ වැඩපිළිවෙළ යටතේ එය ක්‍රියාත්මකයි.
රජය සතු ව්‍යාපාර රටේ ආර්ථිකයට බරක් නොවන ලාභදායී ව්‍යාපාර බවට පත්කිරීම සදහා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ නීතිගත සංස්ථාව විශේෂ වැඩපිළවෙළක් ආරම්භ කර තිබෙනවා. එම නිෂ්පාදන ප්‍රචලිත කිරීම සදහා දිස්ත්‍රික් අලෙවි නියෝජිතයින් පත් කිරීම රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ඒ අනුව දිවයිනම ආවරණය වන පරිදි අලෙවි නියෝජිතයින් 19 දෙනෙකු සදහා අලෙවි නියෝජිත ධුර පිරිනැමුණා. ග්‍රාමීය ජනතාව වෙත ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සමීප කිරීම තුළින් නිෂ්පාදන පහසුවෙන් මිලදී ගැනීම වැඩපිළිවෙළේ අරමුණයි.
The post ආයුර්වේද නිෂ්පාදන අලෙවිය සදහා පුළුල් වැඩපිළිවෙළක් appeared first on ITN News.