දිල්ලි නගරයේ වායු දුෂණය තව දුරටත් ඉහළට
ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දුෂණය තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය පැය විසිහතර තුලදී දිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකයේ අගය සටහන් වුයේ දෙසිය පනස් නවයක් ලෙසයි. වසර හතකට පසු දීපාවලි උත්සව දිනට පෙර දිනයේ දී වායු තත්ත්ව දර්ශකයේ අඩුම අගයක් වාර්ථා වු අවස්ථාව ද මෙයයි. දිල්ලි නගරයේ වායු ගෝලීය තත්ත්වය අතිශය දුෂිත මට්ටමට ලක්වීමට ඉතාම ආසන්න බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. දීපාවලි උත්සවය අදට යෙදී තිබුණ ද රතිඤ්ඤා ඇතුලු ගිණිකෙළි නිෂ්පාදනය, ගබඩා කිරිම හෝ භාවිතය නීතියෙන් තහනම් කර ඇති අතර එසේ සිදු කරන පුද්ගලයින්ට සිරදඩුවම් නියම කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. කෙසේ වුව ද දිල්ලි නගරයේ ඇතැම් ප්‍රදේශයන් හිදි ගිණිකෙලි භාවිතය සිදු කර ඇති බවයි එරට මාධ්‍ය සදහන් කරන්නේ. ඒ හේතුවෙනුයි දිල්ලි නගරයේ වායු ගෝලීය තත්ත්වය තවදුරටත් පහළ බැස ඇත්තේ.
The post දිල්ලි නගරයේ වායු දුෂණය තව දුරටත් ඉහළට appeared first on ITN News.