ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ 48 වන උපාධි ප්රදානෝත්සවය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ 48 වන උපාධි ප්‍රදානෝත්සවය කොළඹ දී පැවැත්වුණා. ඒ විශ්වවිද්‍යාලයේ කුලපති අති පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන්.
මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා, වෛද්‍ය විද්‍යා, වෝහාරික විද්‍යා, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨවල විශේෂ උපාධි සාමාන්‍ය උපාධි හා පශ්චාත් උපාධි මෙහිදී පිරිනැමුණා. සැසි 9ක් තුළ මෙම උපාධි පිරිනැමීම ද විශේෂත්වයක්. සාමාන්‍ය උපාධි 3377ක් පශ්චාත් උපාධි ඩිප්ලෝමා 99ක්, පශ්චාත් උපාධි 379 ක් හා ආචාර්ය උපාධි 19ක් මෙහිදී පිරිනැමුණා.
කැළුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහතා වෙනුවෙන් ගෞරවාචාර්ය උපාධියක්ද පිරිනැමුණා.
The post ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ 48 වන උපාධි ප්රදානෝත්සවය appeared first on ITN News.