ස්පාඤ්ඤයට සහ ප්රංශයට අධික උණුසුම් කාලගුණික තත්ත්වයක්
ස්පාඤ්ඤයට සහ ප්රංශයට අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය සමඟ ජනතාව එළිමහනේ රැඳී සීටීමද අවම කර තිබෙනවා. ඇතැම් පිරිස් ජලාශවල සහ මූහුදේ ස්නානය කිරීමට යොමුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. යුරෝපයට බලපාන කාලගුණික රටාව වෙනස් වීම මෙම තත්ත්වය ඇති වීමට හේතුවක් වී තිබෙනවා. අධික උණුසුම් කාලගුණයක් ඇති වීම නිසා යුරෝපයේ ඇතැම් රටවල විශාල ලැව් ගිනි ද පසුගිය කාලයේදී ඇති වුණා.
The post ස්පාඤ්ඤයට සහ ප්රංශයට අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් appeared first on ITN News.