ආසියාවේ ආර්ථික වර්ධන වේගය පහළට – IMF
ආසියාවේ ආර්ථික වර්ධන වේගය ඉදිරියේ පහළ වැටෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා.
චීනයේ ආර්ථික වර්ධනය පහත වැටීම හේතුවෙන් මෙම පුරෝකථනය සිදු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කළා. ආසියාවේ බොහෝ රටවල් පොලී අනුපාත ඉහළ නැංවීම කලාපයේ ආර්ථික වර්ධනයට ඉතා අයහපත් ආකාරයෙන් බලපානු ඇති බව ද එම අරමුදල සඳහන් කර තිබෙනවා. රුසියා යුක්රේන යුද්ධ නිසා ඇති වී තිබෙන පසුබෑම ද ආසියාවට අයහපත් ලෙසින් බලපාන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටින්නේ. මේ වසරේ දී ආසියාවේ ආර්ථික වර්ධන වේගය 4% නොඉක්මනු ඇති බවටයි ප්‍රකාශ වී ඇත්තේ. ඉදිරි වසරේ දී චීනය කොවිඩ් පාලන නීති ඉවත් කර සාමාන්‍ය තත්ත්වයට පත් වුවහොත් කලාපයේ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් යහපත් බලාපොරොත්තුවක් තබා ගත හැකි බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
The post ආසියාවේ ආර්ථික වර්ධන වේගය පහළට – IMF appeared first on ITN News.