ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් කිහිප දෙනෙකුට ජීවිත අහිමි වෙයි
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් කිහිප දෙනෙකුට ජීවිත අහිමිවුණා.
ගම්පොළ උඩපුස්සැල්ලාව මාර්ගයේ කහවත්ත නගරයේ පොදු වෙළෙදසැල අසළ සිදුවූ අනතුරකින් පදිකයෙකු තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා. ගම්පොල දෙස සිට පුස්සැල්ලාව දෙසට ධාවනය කෙරෙමින් පැවති වෑන් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.
කඩවත ගනේමුල්ල මාර්ගයේ වැලිපිල්ලෑව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් තවත් පුද්ගලයෙකු මරණයට පත්වුණා. කඩවත දෙස සිට ගනේමුල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ.
කොළඹ මීගමුව මාර්ගයේ සීදුව නගරයේ සිදුවූ තවත් අනතුරකින් වයස අවුරුදු 70ක පුද්ගලයෙකු මිය ගියා. අධික වේගයෙන් ධාවනය කළ ත්‍රී රෝද රථයක් පෙරලී යාමෙන් ත්‍රීරෝද රථයේ ගමන්කරමින් සිටි මගියෙකු මෙසේ මිය ගොස් තිබෙනවා.
The post ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් කිහිප දෙනෙකුට ජීවිත අහිමි වෙයි appeared first on ITN News.