ප්රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 26 වන ගුණ සැමරුම අද
මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 26 වන ගුණසමරුව අදට යෙදී තිබෙනවා.
හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසු 1973 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගත්තේ ජේ.ආර් ජයවර්ධන මහතායි. එවකට ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හෙබවූවා. 1977 වසරේ පැවති මහමැතිවරණයන් 6න් 5 ක ජනවරමක් ලබා ජේ.ආර් ජයවර්ධන මහතා මෙරට 6 වන අග්‍රාමාත්‍යවරයා බවට පත් වුණා. එවකට පැවති ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කොට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව නිර්මාණය කර 1978 වසරේ පෙබරවාරි 4 වනදා සිට ජේ.ආර් ජයවර්ධන මහතා පූර්ණ විධායක බලය සහිත ජනාධිපතිවරයා බවට පත් වුණා. 1988 වසර දක්වා රට පාලන කළ ඒ මහතා මෙරට කඩිනම් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් ජනතාවට සෙත සැලසීමට කටයුතු කළා.1988 වසරේ දේශපාලනයෙන් සමුගත් ජේ.ආර්ත ජයවර්ධන මහතා තමා සතු පෞද්ගලික දේපල බොහෝමයක් රට වෙනුවෙන් පරිත්‍යාග කළ දුර්ලභ ගණයේ දේශපාලනඥයෙකු වනවා. වසර 7 ක නිදහස් විශ්‍රාමික දිවියක් ගත කළ ජේ.ආර් ජයර්ධන මහතා 1996 වසරේ නොවැම්බර් 1 එනම් අද වැනි දිනක ජීවන ගමනට සමුදුන්නා. ඒ අනුව ජේ.ආර්.ජයවර්ධන මහතා දිවංගත වී අදට වසර 26 ක් සපිරෙනවා.
The post ප්රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 26 වන ගුණ සැමරුම අද appeared first on ITN News.