තාප තරංගවල බලපෑමෙන් මෙම වසර තුළ 15,000ක් ජිවිතක්ෂයට – WHO
තාප තරංගවල බලපෑමෙන් මෙම වසර තුළ දී පමණක් යුරෝපයේ පුද්ගලයින් පහලොස්දහසක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
මෙම වසරේ ජුනි හා අගෝස්තු අතර කාලය යුරෝපයේ උෂ්ණත්වය අධිකම කාලය ලෙසයි දැක්වෙන්නේ.
තාප තරංග හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ස්පාඤ්ඤයට හා ජර්මනියටයි. එමෙන්ම යුරෝපා රටවල් රැසක් නියං තත්ත්වයකට ද මුහුණ දී සිටිනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන පරිදි ස්පාඤ්ඤයේ පුද්ගලයින් හාරදහසක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇති අතර පෘතුගාලයේ පුද්ගලයින් දහසකට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් තුන්දහස් දෙසියක් හා ජර්මනියේ පුද්ගලයින් හාරදහස් පන්සියක් පමණ අධික උෂ්ණත්වය හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.
එමෙන්ම මරණ සංඛ්‍යාව ඉදිරියේ දී තවදුරටත් ඉහළ යා හැකි බවට එම සංවිධානය අනතුරු අඟවනවා.
The post තාප තරංගවල බලපෑමෙන් මෙම වසර තුළ 15,000ක් ජිවිතක්ෂයට – WHO appeared first on ITN News.