මැණික් යැයි සැක සිතිය හැකි පාෂාණ මල්ලක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
මැණික් යැයි සැක සිතිය හැකි විවිධ වර්ණයෙන් යුතු පාෂාණයන් මල්ලක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කදවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව එම බලකායයි මෙම වැටලීම සිදු කළේ. කාර්තිව් අක්කරෙයිපත්තු ප්‍රධාන මාර්ගයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනුනේ. මැණික් යැයි සැක සිතිය හැකි විවිධ වර්ගයෙන් යුතු පාෂාණ 188 ක් ද සමගයි. මැණික්ගල් පරික්ෂා කිරීමේ උපකරණයක් ද ඔහු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. -**** විශේෂ කාර්ය බලකාය
මේ අතර ගිරිබාව වරාවැව රක්ෂිතයේ සිදු කළ වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත නීති විරෝධී ගිනි අවියක් සැකකරුවකු ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වැඩිදුර විමර්ශන සදහා ගිරිබාව පොලීසියට භාර දුන් බවයි වැටලීම සිදු කළ විශේෂ කාර්ය බලකාය පවසන්නේ. විශේෂ කාර්ය බලකාය
The post මැණික් යැයි සැක සිතිය හැකි පාෂාණ මල්ලක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.