ඩීසල් වැඩිවුණත් බස් ගාස්තු වැඩිවීමක් නැහැ
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් විසිපහකින් ඉහළ දැමුණා. මෙම මස තුළදි නැවත වතාවක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට අපේක්ෂා නොකරන බවයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ.
මේ අතර ඩීසල් මිල ගණන් වැඩි වූවද ඊට සමගාමීව බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් ප්‍රකාශ කරනවා.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වැඩි කළ මිල ගණන්වලට සමානව ලංකා අයිඕසී සමාගමද ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430ක් වනවා. රුපියල් 340ක්ව පැවති ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 365ක්. සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් වෙනස් නොවන බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරන්නේ.
ඩීසල් මිල ගණන් වැඩිවීම සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් මෙලස අදහස් පළ කළා.
The post ඩීසල් වැඩිවුණත් බස් ගාස්තු වැඩිවීමක් නැහැ appeared first on ITN News.