මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ගාස්තුව හෙට සිට ඉහළට
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ගාස්තුව හෙට සිට ඉහළ නැංවෙනවා.
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ලියාපදිංචි ගාස්තුව ඇතුළු අනෙකුත් ගාස්තු ඉහළ නංවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෝටර් වාහනයක් සාමාන්‍ය පදනම මත ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 2000 ක් වනවා.
ප්‍රමුඛතා පදනම මත ලියාපදිංචි කිරීමේදී එම ගාස්තුව රුපියල් 3000ක්. එක්දින පදනම මත ලියාපදිංචි ගාස්තුව රුපියල් 4000 ක් ලෙසයි සංශෝධනය කර තිබෙනවා. මේ අතර ප්‍රමාදවී ලියාපදිංචි කිරීමේ ගාස්තු ද ඉහළ නංවා තිබෙනවා.
ඒ මෝටර් රථයක් සදහා දිනක ප්‍රමාද ගාස්තුව රුපියල් 100 ක් සහ යතුරු පැදියක් සදහා රුපියල් 50 ක් ලෙසින්. වාහනයේ සහතිකයේ විස්තර වෙනස් කිරීම සදහා ද රුපියල් 3000 ක ගාස්තුවක් අය කෙරෙන බවයි ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.
The post මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ගාස්තුව හෙට සිට ඉහළට appeared first on ITN News.