16 හැවිරිදි දැරියක් දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට
මහනුවර අස්ගිරිය දුම්රිය ස්ථානය ආසන්නයේදී 16 හැවිරිදි දැරියක් දුම්රියක ගැටී මිය ගොස් තිබෙනවා.
ඊයේ (20) මහනුවර සිට මාතලේ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක මෙම දැරිය ගැටී තිබුණා.
මියගිය දැරිය උපකාරක පන්තියකට සහභාගි වී නිවසට යමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
මෘත දේහය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහනුවර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
The post 16 හැවිරිදි දැරියක් දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට appeared first on ITN News.