ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක්
සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවර එළිය දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර පළාතේත් නුවර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය : කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක.
සුළඟ : දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.
මුහුදේ ස්වභාවය : දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යය ස්වභාවයෙන් යුතු වේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2022-11-29 | |||
නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 31 | 22 | 95 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව | 30 | 23 | 90 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
කොළඹ | 30 | 24 | 80 | 65 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
ගාල්ල | 29 | 23 | 85 | 65 | වැසි ස්වල්පයක් |
යාපනය | 30 | 22 | 70 | 55 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර | 28 | 19 | 95 | 55 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
නුවරඑළිය | 20 | 11 | 85 | 40 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
රත්නපුරය | 31 | 21 | 95 | 55 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
ත්‍රිකුණාමලය | 30 | 29 | 95 | 70 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම | 30 | 24 | 95 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
The post ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් appeared first on ITN News.