වගා කටයුතු සඳහා ඉඩම් හෙක්ටයාර් 5000ක් ගොවි ජනතාවට ලබා දීම කෙරෙහි රජයේ අවධානය
මොනරාගල ප්‍රදේශයේ ඉඩම් හෙක්ටයාර් 5000ක් වගා කටයුතු සදහා තාවකාලික පදනමින් ගොවි ජනාතාවට ලබා දීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.
ඒ පිළිබද විශේෂ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජේ්‍යෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා.
මොණරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍ර දේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඉඩම් හෙක්ටයාර් 8000 ක් නැවත වන වගාව සදහා වෙන්කර තිබෙනවා. එම ඉඩම්වලින් වන වගාව සදහා පැල සුදානම් කර ඇති හෙක්ටයාර් 3000ක බිම් ප්‍රමාණය තුළ කඩිනමින් වන වගා කටයුතු ආරම්භ කොට සෙසු හෙක්ටයාර 5000 ආහාර අර්බුදයට මුහුණදීම සදහා වගා කටයුතුවලට යෙදවීමටයි අපේක්ෂාව වී ඇත්තේ.
තාවකාලික පදනම යටතේ එම ඉඩම් ලබා දෙන අතර යළි වන වගාවට අවශ්‍ය පහසුකම් සූදානම් කරන තුරු වගා කටයුතු සිදුකිරීමට අවසර දෙන බවයි මෙහිදී සාකච්ඡා කෙරුණේ.
එමෙන්ම ගව පාලනය සදහා යම් ඉඩම් ප්‍රමාණයක් තාවකාලිකව නිදහස් කිරීමට ද මෙහිදී අවධානය යොමු වුණා. මෙම කටයුතුවලදී මතුවිය හැකි නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීම සදහා නීතිපතිවරයාගේ උපදෙස් ගන්නා ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සාගල රත්නායක මහතා උපදෙස් දෙනු ලැබුවා.
ආහාර සුරක්ෂිතතාව පිළිබද ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
The post වගා කටයුතු සඳහා ඉඩම් හෙක්ටයාර් 5000ක් ගොවි ජනතාවට ලබා දීම කෙරෙහි රජයේ අවධානය appeared first on ITN News.