ප්රදේශ කිහිපයකට තද වැසි
බෙංගාල බොක්ක උතුර අන්දමන් දූපත් අසළ හටගෙන ඇති අඩුපීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවන බව කාළගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන් උතුරු මුහුදු ප්‍රදේශයටද තද වැසි ඇති බව බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ.
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කීපයක් ඇතිවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර, වයඹ,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
The post ප්රදේශ කිහිපයකට තද වැසි appeared first on ITN News.