ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩු කිරීම බස් සංගම් ප්රතික්ෂේප කරයි
ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩු කිරීමට නොහැකි බව බස් සංගම් ප්‍රකාශ කරයි.
ඩීසල් මිලෙහි සැලකිය යුතු අඩුවීමක් සිදුවී නොමැති නිසා බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (5) පියවර ගත්තා.
ලංකා IOC ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර, ඒ අනුව ඩීසල් මිල රුපියල් 420 දක්වා පහත වැටී තිබෙනවා.
The post ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩු කිරීම බස් සංගම් ප්රතික්ෂේප කරයි appeared first on ITN News.