ශ්රී ලංකාවට අවශ්ය ආධාර වැඩසටහන ගැන ජාත්යන්තර මූල්ය ආයතන ප්රධානීගේ තීරණය
ශ්‍රී ලංකාවට බහු පාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බවට ජාත්‍යන්තර මූල්ය ආයතන ප්‍රධානීන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර සංවර්ධන සංවිධානය හරහා සහනදායී මූල්‍යාධාර ලබාගැනීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට අනුමැතිය හිමිව ඇති බවයි ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.
ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද කොළඹ පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණයට එළඹ ඇත්තේ. ජනාධිපතිතුමා මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය කිරීම ඇතුළත් දීර්ඝකාලීන සංවර්ධන දැක්ම මෙහිදී ඉදිරිපත් කර තිබෙනවා. මේ අනුව අඩු පොලී අනුපාත යටතේ ශ්‍රී ලංකාවට අදාළ මූල්‍ය පහසුකම් ලබාගත හැකි වනවා. මෙමගින් ආර්ථිකය ස්ථාවර කිරීම සදහා වන රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමටත් දුප්පත්කම සහ කුසගින්නට මුහුණපා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිකාව ආරක්ෂා කිරීමට හැකිවනු ඇති බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ. මෙම අනුමත කිරීමත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංවර්ධන සංවිධානයෙන් ප්‍රතිලාභ හිමි රටක් බවට පත්වන බව ලෝක බැංකුව පවසනවා. ලෝක බැංකුවේ අනුබද්ද ආයතනයක් වන ජාත්‍යන්තර සංවර්ධන සංවිධානය විසින් පසුගිය කාලය තුළ මූල්‍යාධාර ලබාගැනීමට නොහැකි වූයේ ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් වීම හේතුවෙන්.
The post ශ්රී ලංකාවට අවශ්ය ආධාර වැඩසටහන ගැන ජාත්යන්තර මූල්ය ආයතන ප්රධානීගේ තීරණය appeared first on ITN News.