මැන්ඩවුස් සුළිකුණාටුව දිවයිනෙන් ඈතට ගමන් කරයි
මැන්ඩවුස් සුළිකුණාටුව අද අලුයම වන විට උතුරු තමිල්නාඩු පුදුචේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරය හරහා ගමන් කරමින් තිබෙනවා.
එම පද්ධතිය ක්‍රමයෙන් පීඩන අවපාතයක් බවට පත්වනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
මෙතෙක් ගැඹුරු පීඩන අවපාතයක් ලෙස පැවති මෙම පද්ධතිය අද දහවල් වන විට පීඩන අවපාතයක් දක්වා තවදුරටත් දුර්වල වනු ඇති. කෙසේ වුවද මෙහි බලපෑම හේතුවෙන් දිවයිනට උතුරු දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු විය හැකියි.
එමෙන්ම මන්නාරමේ සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ද රළු විය හැකි අතර එම මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවන තත්ත්වයකුයි පවතින්නේ.
දිවයිනට උතුරු දෙසින්වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 3.5ක් දක්වා ඉහළ යා හැකියි. ඒ අනුව උතුරු මුහුදු ප්‍රදේශවල මෙන්ම මන්නාරම සිට කොලඹ හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලදී විමසිලිමත්වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
The post මැන්ඩවුස් සුළිකුණාටුව දිවයිනෙන් ඈතට ගමන් කරයි appeared first on ITN News.