ඩයනාට එරෙහි පෙත්සම විභාගයට දින නියම කෙරේ
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරිමේ රිට් අඥාවක් ඉල්ලා ගොනු කළ පෙත්සම ජනවාරි 26වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කරයි.
මෙය හදිසි නඩු කටයුත්තක් සේ සලකා කඩිනමින් විභාග කිරිම සදහා දිනයක් නියම කරන ලෙස පෙත්සම්කාර ඔෂල හේරත් සහ වගඋත්තරකරුවෙකු වන සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන අය වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම සලකා බැලු අභියාචනාධිකරණය නඩුවට අදාළ විරෝධතා ඇත්නම් ඒවා ජනවාරි 13වනදාට පෙර ගොනු කරන ලෙස ඩයනා ගමගේ මහත්මිය ඇතුලු වගඋත්තකරුවන්ට නියෝග කළා. පෙත්සම්කරු කියා සිටියේ ඩයනා ගමගේ මහත්මියට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවයි.
The post ඩයනාට එරෙහි පෙත්සම විභාගයට දින නියම කෙරේ appeared first on ITN News.