ප්රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වුණා.
මෙරට ගායන ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කළ නිහාල් නෙල්සන් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වන විට 76 වන වියේ පසුවුණා. ප්‍රසංග වේදිකාවේ අපරාජිත චරිතයක් වූ නිහාල් නෙල්සන් මහතා ජනප්‍රිය ගීත රැසක් ගායනා කර තිබෙනවා.
ප්‍රසංග වේදිකාවට අත්‍යවශම චරිතයක් වූ නිහාල් නෙල්සන් ඔහුටම ආවේණික වූ නැටුම් විලාශයකින් ගීත ඉදිරිපත් කිරීම සංගීත ලෝලීන් අමන්දානන්දයට පත්කළා. ඔහු මෙරට වැඩිම ගීත ඇල්බම් සංඛ්‍යාවක් නිකුත් කළ ගායකයා වීමද විශේෂත්වයක්. මාලි නෙල්සන් මහත්මියගේ ආදරණීය ස්වාමියා වූත්, තරංග නෙල්සන් පුතණුවන්ගේ පියාණන් වූත් නිහාල් නෙල්සන් මහතාගේ නිසල දේහය මොරටුව, රාවතාවත්ත නෙල්සන් මාවත අංක 17 දරණ නිවසේ තැන්පත් කර තැබීමට නියමිතයි. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
The post ප්රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.