විස්තීරණ මූල්ය සහනය මෙම වසර අවසන්වීමට පෙර අනුමත නොකරනු ඇති – IMF
ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ මූල්ය සහනය මෙම වසර අවසන්වීමට පෙර අනුමත නොකරනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වෙනස්කම් තවදුරටත් සිදුවිය යුතුයි.
කෙසේ වුවද ශ්‍රී ලංකාවේ අදාළ පාර්ශ්ව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමග මීට පෙර සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වුණා.
ඒ අනුව අදාළ විස්තීරණ මූල්ය සහනය ලබාගැනීමට අදාළව වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිතයි.
කෙසේ වුවද රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ මෙම වසර අවසන්වීමට පෙර අදාළ මූල්‍ය සහනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අත්සන් නොකරනු ඇති බවයි.
The post විස්තීරණ මූල්ය සහනය මෙම වසර අවසන්වීමට පෙර අනුමත නොකරනු ඇති – IMF appeared first on ITN News.