පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආරක්ෂාව තහවුරු කෙරේ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශය මගින් විශ්වවිද්‍යාලයට අවශ්‍ය ආරක්ෂාව මේ වන විට සළසා දී ඇති බව එහි නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසනවා.
මේ අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ ක්‍රියා කලාපය ගැන පල වන වාර්තා සම්බන්ධයෙන් විවිධ අදහස් පල වනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට එල්ල වූ ප්‍රහාරය අදාළව CCTV දර්ශන ඔස්සේ හදුනා ගත් සිසුන් 12 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔවුන්ගේ ශිෂ්‍යභාවය ද තහනම් කෙරුණා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආරක්ෂාව සපයන ලෙස පොලීසියෙන් මෙතක් ඉල්ලීමක් කර නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා. කෙසේ වෙතත් සිද්ධියට අදාළ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා තවදුරටත් පරික්ෂණ පවත්වන බවයි ඔහු පැවසුවේ.
මෙම අමානුෂික ප්‍රහාරය කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව ද හෙළා දැක තිබෙනවා. එහි උපකුලපතිනී මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඊට සම්බන්ධ සියලු සිසුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමට ද අද රැස් වූ පාලක සභාව තීරණය කළ බවයි.
මේ අතර පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය තුළ නවක වදය සිදු වන බවට සමාජ මාධ්‍ය තුළ තොරතුරු සංසරණය වනවා. එහෙත් එවැන්නක් සිදු වන්නේ නැති බවයි එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ.
The post පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආරක්ෂාව තහවුරු කෙරේ appeared first on ITN News.