නොමිලේ සත්වෝද්යානය නැරඹීමට දින දෙකක්
පාසල් දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබන 23 හා 24 දෙදින තුළ දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට පහසුකම් සලසා තිබෙනවා.
ලබන 23 වනදා පාසල් සිසුන්ට දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට පහසුකම් සලසා ඇති අතර 24 වනදා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට හැකියාව පවතිනවා. පාසල් දරුවන් පරිසර නියමුවන් යන තේමාව යටතේ විශේෂ වැඩසටහනක්ද පැවැත්විමටයි කටයුතු යොදා ඇත්තේ. වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 24 වනදා විනෝදාත්මක වැඩසටහන් හා සම්බන්ධ වීමට ද අවස්ථාව සලසා ඇති බව දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය සදහන් කළා.
The post නොමිලේ සත්වෝද්යානය නැරඹීමට දින දෙකක් appeared first on ITN News.