ජපානයේ පාරිභෝගික මිල උද්ධමනය ඉහළ යයි
ජපානයේ මූලික පාරිභෝගික මිල උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා.
ජපානයේ මූලික පාරිභෝගික මිල උද්දමනය සියයට 3.7% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 1981 න් පසු වාර්තාවූ ඉහළම අගයයි. මැදපෙරදිග ඛණිජතෙල් මිල ඉහළ යාම නිසා ජපානයේද බලශක්ති වියදම ඉහළ ගොස් තිබෙනවා.
වසර ගණනාවක් පුරා වැටුප් ඉහළ යාම් නොවීමත් මූලික පාරිභෝගික මිල උද්ධමනය ඉහළ යාමට හේතුවී තිබෙනවා. ජපන් රජය පසුගිය සතියේ රාජ්‍ය බැඳුම්කරවල පොලී අනුපාත සීමාව ඉහළ නැංවීම මීට පිළියම් ලෙස සිදුකර තිබෙනවා.
මේ හේතුවෙන් ජපන් යෙන් අගය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ඉහළ යාම සිදුවෙමින් පවතිනවා.
ජපානය ලෝකයේ අඩුම උද්ධමන අනුපාත ඇති රටක් වන අතර එක්සත් ජනපදයේ වාර්ෂික උද්ධමනය 7.1% කුත්, බ්‍රිතාන්‍යයේ 10.1% කුත් වනවා.
The post ජපානයේ පාරිභෝගික මිල උද්ධමනය ඉහළ යයි appeared first on ITN News.