සංචාරකයින්ට හෑෂ් මත්ද්රව්ය අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
අලුත්ගම මොරගොල්ල සංචාරක කලාපයට පැමිණෙන සංචාරකයින්ට හෑෂ් නමැති මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අලුත්ගම පොලිසිය සමත් වුණා.
අලුත්ගම පොලිසියේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කළේ. ත්‍රීරෝද රථයකින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් තිබුණා. අත්අඩංගුවට ගන්නා විට මෙම පුද්ගලයා සතුව තිබී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3ක්, හෙරොයින් ග්‍රෑම් 7 ක් සහ මත්ද්‍රව්‍ය කිරීම සඳහා භාවිත කරන ඩිජිටල් තරාදියක්ද සොයා ගැනුණා.
The post සංචාරකයින්ට හෑෂ් මත්ද්රව්ය අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.