අඩු ආදායම් ලාභී ගොවි පවුල් සඳහා රු. 15,000 බැගින් දීමනාවක්
අන්තර් ජාතික සංවර්ධනය සදහා වන එක්සත් ජනපද නියෝජ්‍ය ආයතනයේ ආධාර මත ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් 7 ක අඩු ආදායම් ලාභී වී වගා කරන ගොවි පවුල් සදහා එක් පවුලකට රුපියල් පහලොස් දහසක දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය සදහායි.
මෙම දීමනාව යාපනය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය, වව්නියාව, මොණරාගල හා මඩකලපුව දිස්ත්‍රික්ක වල වෙසෙන මාසික ආදායම රුපියල් 41,500 ට වඩා අඩු ගොවි පවුල් සදහා මෙම ආධාර ලබාදෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ. කෘෂිකර්ම අමාත්‍යංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සිදුකළ සාකච්ඡාවකින් අනතුරුවයි අදාළ ගොවි පවුල් වෙත මෙම ආධාර ලබාදීමට උපදෙස් ලබාදී ඇත්තේ. එමෙන්ම මීට පෙර ආසියානු සංවර්ධන බැංකුව ද රුපියල් බිලියන 8 ක මුදලක් දිවයිනේ වී වගාකරන ගොවි පවුල් ලක්ෂ 12ට ලබාදීමට මීට පෙර කටයුතු කර තිබෙනවා. එම මුදල් ලබන ජනවාරි මාසයේ දී ගොවීන්ගේ ගිණුම්වලට බැරකරන බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ.
The post අඩු ආදායම් ලාභී ගොවි පවුල් සඳහා රු. 15,000 බැගින් දීමනාවක් appeared first on ITN News.