මෝල්ටාවේ සංචාරක පිරිසක් දිවයිනට
මෝල්ටා රාජ්‍යයේ සිට 50 දෙනෙකුගෙන් සමන්විත සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණියා.
මෝල්ටා රාජ්‍යයේ සිට මෙරටට පැමිණි මෙම සංචාරක කණ්ඩායම දින 12 ක් මෙරට රැදී සිටිමින් අධ්‍යයන චාරිකාවක නිරත වීමට නියමිතයි. ඔවුන් මීගමුව, සීගිරිය, දඹුල්ල, කවුඩුල්ල ජාතික වනෝද්‍යානය, මහනුවර, නුවරඑළිය, හෝර්ටන් තැන්න, යාල සහ ඇල්ල යන ප්‍රදේශවල සංචාරය කිරීමට එක්වනු ඇති.දිවයිනට පෑමිණි එම සංචාරක පිරිස පිලිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
The post මෝල්ටාවේ සංචාරක පිරිසක් දිවයිනට appeared first on ITN News.