රෙඩ් වින්ග් රුසියා යානය මත්තල ගුවන්තොටුපොළට
මොස්කව් සිට මගීන් 412 දෙනෙකු රැගත් රෙඩ් වින්ග් රුසියා යානය මත්තල ගුවන්තොටුපොළට ළගා වුණා. මෙම ගුවන් සමාගම මත්තල සමග ගුවන් මෙහෙයුම් සිදු කරන ප්‍රථම අවස්ථාව මෙයයි.
රුසියාවේ රෙඩ් වින්ග් ගුවන් සමාගම වසර විසිතුනක් පැරණි ආයතනයක් වුවද එම සමාගමේ යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වනවා.
සංචාරක මගීන් 412 දෙනෙකු රැගත් බෝයින් 777 වර්ගයට අයත් මෙම යානය මත්තල ගුවන් තොටුපොළට ළගා වූ අවස්ථාවේ ගිනි නිවන රථ දෙකක් සාම්ප්‍රදායානුකූලව ජල ආචාර පුද කරමින් පිළිගනු ලැබුවා.
මෙම යානය අද සිට සතියට ගුවන් ගමන් වාර දෙකක් මොස්කව් සහ මත්තල අතර ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණි මෙම රෙඩ් වින්ග් යානය සහ එම සංචාරකයින් පිළිගැනීම සදහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.
ගුවන් තොටුපොළ සමාගමේ සභාපති ජෙනරාල් ජේ චන්ද්‍රසිරි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද ඊට එක් වුණා. මත්තල ගුවන්තොටුපොළ සංචාරක ගමනාන්තයක පිහිටා තිබීම නිසා මෙම ගුවන්තොටුපොළ දක්වා විදේශ සංචාරකයින් ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් සකසන ලෙස සංචාරක නියෝජිතවරුන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියා.
The post රෙඩ් වින්ග් රුසියා යානය මත්තල ගුවන්තොටුපොළට appeared first on ITN News.