රාජ්ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරමක්
රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරමක් ගෙවීම සම්බන්ධයෙන් වන චක්‍ර ලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළා.
ලබන වසරේදී රාජ්‍ය නිලධාරීන්ට රුපියල් 4000ක උපරිමයකට යටත්ව මෙම අත්තිකාරම ගෙවන ලෙසයි සියලු අමාත්‍යාංශවලට දැනුම් දී ඇත්තේ. ලබන වසරේ පෙබරවාරි මස 28 වනදායින් පසු කිසිදු ගෙවීමක් සිදු නොකළ යුතු බවත් මෙම අත්තිකාරම් මුදල ලබන වසර ඇතුළත දී සම්පූර්ණයෙන්ම අයකළ යුතු බවත් මෙම චක්‍ර ලේඛයේ දැක්වෙනවා.
එමෙන්ම අත්තිකාරම් ගෙවීම හෙට සිට ආරම්භ කරන ලෙසද චක්‍ර ලේඛය මගින් දැනුම් දී තිබෙනවා.
මේ අතර විවිධ උත්සව සදහා රාජ්‍ය ආයතන සිදුකරන වියදම් අත්හිටුවීමට අදාළව චක්‍ර ලේඛය ලබන වසර සදහා ද වලංගුවන ආකාරයට මුදල් අමාත්‍යාංශය නව චක්‍ර ලේඛයක් නිකුත්කළා.
2023 වර්ෂය තුළ වියදම් දැරීම සදහා බලය දීම සහ රාජ්‍ය වියදම් කළමනාකරණය යන මැයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙම චක්‍ර ලේඛය නිකුත් කළා.
ඒ අනුව ලබන වසරට රාජ්‍ය ආයතන සදහා වාර්ෂික අයවැය ඇස්තමේන්තුවෙන් වෙන්කර දී ඇති ප්‍රතිපාදන සීමාවන් නොයික්මවන පරිදී වියදම් කළමනාකරණය කර ගැනීම නිලධාරීන්ගේ වගකීම බව රජය අවධාරණය කරනවා.
The post රාජ්ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරමක් appeared first on ITN News.