How can Sri Lankan charities find international donors and partners?

සේපාල්: නැගී එන බෞද්ධ පුනර්ජීවනයේ පියා ලෙස!

- colombotelegraph.com

උවිඳු කුරුකුලසූරිය

උවිඳු කුරුකුලසූරිය

සේපාල් අමරසිංහගේ කතාවට යාමට පෙර යමක් කිව යුතුය. ඒ 1994දී මා විහිළුවට කියමින් ගිය කතාවකි. 1993 සිට යම් නිරීක්‍ෂණයක් කල හොත්, 94 මහ මැතිවරණයේදී සිංහල-බෞද්ධ අන්තවාදීන්ගේ බිල්ලා වූයේ මහාචාර්ය ස්ටැන්ලි තම්බයියාගේ “Buddhism Betrayed? Relegion, Politics and Violance in Sri Lanka” – “බුදු සමය පාවාදීම? ලංකාවේ ආගම, දේශපාලනය සහ ප්‍රචණ්ඩත්වය” නැමති පොතයි. මේ පොතේ කවරයේ ඡායාරූපය වූයේ මා මිත්‍ර ශ්‍රියන්ත වල්පොල විසින් මාදුළුවාවේ සෝභිත හිමි අභයාරාමයේ පැවති රැස්වීමකදී වේගවත් කතාවක් කරන විට ගත් හැඟීඹර, රණකාමී ස්වරූපයක් පෙන්නුම් කරන ඡායාරූපයකි. එය සාමාන්‍ය බෞද්ධ භික්‍ෂූන් පිළිබඳ වැරදි හැඟීමක් ඇතිකරවන පින්තූරයකි. එය ඇත්තටම උණුසුම් ස්වරූපයක් ගත් 87 ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධව පැවති රැස්වීමකි, එයට පොලිසිය වෙඩි තබා ඒ වන විටත් කීප දෙනෙකු මිය ගොස් තිබුණි.

කිහිප දෙනෙකු ගොස් සෝභිතට පොත පෙන්නීය. ඔහුගේ ඡායාරූපය දැක සෝභිත කුපිත විය. ප්‍රකාශ නිකුත් වීම ඇරඹිණි. අද මෙන්ම දිවයින පුවත්පත ජාතිවාදය ඇවිස්සීය. රැස්වීම් සංවිධානය කෙරිණි. පොත පාදක කර ගනිමින් “බුද්ධාගම විනාශ කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්” ගැන කියවිනි.

ඊට වසර 2කට පසු මාත් ලක්බිම පුවත්පතේ සම්පත් දේශප්‍රියත් සෝභිත හමු වූ විට මම ඔහුගෙන් ප්‍රශ්ණයක් ඇසීමි. එනම් “ඔබ වහන්සේ පොත කියෙව්වද කියා?” “නැහැ මහත්තයෝ” යන්න පිළිතුර විය. උන්නාන්සේවත් පොත නොකියවා තිබුණි. එහෙත් පොතට එරෙහිව පොත නොකියවූ හැඟිම්බර සිංහල බෞද්ධයා ඇවිස්සීමට සිංහල-බෞද්ධ රණකාමීන්ට හැකි විය.

සිදුවීම කෙටියෙන් මෙසේය. පොතේ තම්බයියා ඇත්ත වශයෙන්ම බුද්ධාගමට පහර දෙන්නේ නැත. ඔහු මතු කරන ප්‍රශ්ණය නම් අතීත ලංකාවේ තිබූ නිර්මල බුද්ධාගමට දැන් මේ මොකද වෙලා තියෙන්නෙ යන්නය. ලෝකයේ බෞද්ධාගම පිළිබඳ අධ්‍යයනය කර ඇති තම්බයියා සමහරුන් අතර පිළිගැනුනේද මානව විද්‍යාඥයෙකුටත් වඩා බෞද්ධයෙකු ලෙසය. [මට තම්බයියා සමඟ ඇතිවූ ප්‍රශ්ණය නම් එවැනි නිර්මල බුදුදහමක් ලංකාවේ කවදාවත් නොතිබීමය. එකල මම ලියූ ලිපියක එම ප්‍රශ්ණය මතු කළෙමි.]

කෙසේ වෙතත් මේ පොතට අරමුදල් සපයා තිබුනේ පින්ලන්තයේ පිහිටි එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලයට අනුබද්ධ සංවර්ධන ආර්ථික විද්‍යා පර්යේෂණ සඳහා වූ ලෝක ආයතනයි. World Institute for Development Economics Research (WIDER) of the United Nations University (UNU) ආයතනයයි. එම ආයතනයේ අධ්‍යක්‍ෂ වූයේ නැසී ගිය ආචාර්ය ලාල් ජයවර්ධනයි. ඒ අවස්ථාවේ විපක්‍ෂයේ ප්‍රධාන අපේක්‍ෂිකාව වූ චන්ද්‍රිකා කුමාරතුංගද, එංගලන්තයේ දේශපාලන රැකවරණ මත සිටි අවධියේදී කෙටි කලක් පර්‍යේෂිකාවක WIDER ආයතනයේ සේවය කර තිබුණි.

“තම්බයියාගේ පොත ලංකාවේ බුද්ධාගම විනාශ කිරීමේ අරමුණින් ලියන ලද්දකි, එයට අරමුදල් සැපයූ WIDER ආයතනයේ චන්ද්‍රිකාද සේවය කොට ඇත, මෙය ලංකාවේ බුද්ධාගම විනාශ කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකි,” ජාතිවාදීන් ගොඩනැගූ තර්කය එයයි. චන්ද්‍රිකා මේ සියලු කුමන්ත්‍රණවල ප්‍රතිමූර්තිය බවට පත්කරමින් තර්ක ගොඩ නැගිනි. [එක්සත් ජාතික පක්‍ෂයත් මහජන එක්සත් පෙරමුණත් අනිත් පොඩි පොඩි ජාතිවාදී පක්‍ෂත් මේ ජාතිවාදය ඉදිරියට රැගෙන ගියද චන්ද්‍රිකා 64%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ජහග්‍රහණය කලාය.]

මා ඒ දිනවල විහිළුවට මෙන් කීවේ “නූතන බෞද්ධ පුනර්ජීවනයේ පියා තම්බයියා” කියාය. මොකද ප්‍රභාකරන්ට පමණක් තඩිබාමින් වැලේ වැල් නැතුව සිටි සිංහල-බෞද්ධ ජාතිවාදීන් අලුත් වටයකින් අළු ගසා නැගිටගත්තෙ ඒ පොත නිසාය.

මෙවැනි සිදුවීම් හැම මැතිවරණයක් ආසන්න වෙත්දීම සොයා ගැනීමට මේ අන්තවාදී කොටස්වලට හැකිවිය. උදාහරණයකට ලාල් ජයවර්ධනගේ බිරිඳ වූ මාහචාර්ය කුමාරි ජයවර්ධන සභාපතිත්වය දැරූ සමාජ විද්‍යාඥයින්ගේ සංගමයද, ඇය, මහාචාර්ය උයන්ගොඩ සහ නිර්මාල් රංජිත් දේවසිරි විසින් සංස්කරණය කරන ලද ප්‍රවාද සඟරාවද ඉලක්ක විය. එම සඟරාවට රංජිත් පෙරේරා ලියූ ජාතක කථාවේ නිරූපිත ස්ත්‍රිය, යුද්ධ කිරීම පිළිබඳ බෞද්ධ දෘෂ්ටිය, වැනි ශාස්ත්‍රීය ලිපි පදනම් කර ගනිමින් “මෙන්න බුද්ධාගම විනාශ කරන කුමණ්ත්‍රණ ආයෙත් පටන් අරන්” කියමින් ජාතිවාදය ඇවිස්සීමට මේ රණකාමීන්ට හැකිවිය. තව ඕනෑ තරම් උදාහරණ සැපයිය හැක. එහෙත් මට මතක් කර දීමට අවශ්‍ය වූයේ මා විහිළුවට කී “තම්බයියා තමයි දැන් බලන් යනකොට මේ නූතන බෞද්ධ පුනරුදයේ පියා” යන්නය.

දැන් නැවත සේපාල් ප්‍රශ්ණය වෙත යොමු වෙමු. මා සේපාල්ගේ යූටියුබ් නාලිකාව නරඹා තිබුණේ වරක් දෙවරක් පමණි. එහෙත් ඊයේ රාත්‍රියේ වෙනත් වැඩ කටයුත්තක් සඳහා ඔහුගේ නාලිකාවේ සෑහෙන විඩියෝ ප්‍රමාණයක් නැරඹීමි. ඔහු එදිනෙදා දේශපාලන සිදුවීම් ගැන, වෙනත් සමාජ සිදුවීම් ගැන කොමෙන්ට් කරයි, ඔහු මිත්‍යා මත යැයි සලකන ප්‍රපංචයන් ප්‍රශ්ණ කරයි. විටෙක යම් යම් දේශපාලනඥයින් සමඟ සම්මුඛ සාකච්ඡා කරයි. එමෙන්ම සෑම ආගමකම අන්තවාදය දරුණු ලෙස ප්‍රශ්ණ කරයි. සෑම ආගමකම මූලධර්මවාදීන් ප්‍රශ්ණ කරයි. අන්තවාදී භික්‍ෂූන් මෙන්ම අනෙකුත් ආගම්වල එවැනි පූජකයින්ද නිර්දය ලෙස ප්‍රශ්ණ කරයි. ඔවුන්ගේ මගඩි එළිදරව් කරයි, ඔවුන්ට හාස්‍යජනක නම් පටබඳියි. ඒ ඔහුටම ආවේනික විලාශයකිනි.

දැන් අපි ප්‍රශ්ණකාරී දළඳාවට “ලබ්බ” යයි කීමෙන් දිග හැරෙන නාටකය දෙස බලමු.

මහනුවරට මහ වැසි ඇදහැලී නාය ගොස් යට වී මනුශ්‍ය ජීවිත පවා අහිමි වූ පසු ඔහු ඒ ගැන විග්‍රහයක් කරයි. එහිදී ඔහු මුලින්ම ඒ නුවර රූප රාමු පෙන්වා පසුව කවුද මේ දන්ත ධාතුව එළියට ගත්තෙ කියා අසයි. ඉන් පසු වැසි වැසීම ගැන විද්‍යානුකූල විග්‍රහයක් කරයි. කාළගුණ දේශගුණ විපර්යාස ගැන විග්‍රකරයි. අවාසාන හරියේදී ඔහු ඔය එක එක ලබ්බවල් එලියට ගත්තට වැසි වසින්නෙ නැතැයි සිනාමුසු මුහුණෙන් කියයි. මේ “දන්ත ධාතුව එළියට ගතේ කවුද” යන ප්‍රකාශය සේපාල් විසින් සිදුකරනුයේ ජානාධිපති දළඳා ප්‍රදර්ශණයක් පැවැත්වීමට යෝජනා කල පසුබිමකය.

සේපාල් අමරසිංහ

ඉන්පසු සිදු වන්නේ කුමක්ද? ඔහු දළඳාවට “ලබ්බ” කීවේ යැයි කියමින් අර ඔහුගෙන් බැට කෑ අන්තවාදී දේශපාලන භික්‍ෂූන් කල්ලි ගැසී ඔහුට විරුද්ධව පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමත්, ඔහුට නිර්නාමික දුරකථන ඇමතුම් දෙමින් තර්ජනය කිරීමත්‍ ය. එමෙන්ම ඔහුගේ කර්කෂ විවේචනයට බඳුන් වූ භික්‍ෂූන් ද සේපාල් දළඳාවට ලබ්බ කීවායැයි කියමින් යූටියුබ් විඩියෝ සහ සමාජ ජාලා ප්‍රකාශ නිකුත් කරයි. ඒ අර නුවර වැස්ස අවස්ථාවේදී ඔහු කී දේ පාදක කරගනිමිනි. මේ හැම අවස්ථාවේදීම ඔහු ඒ ඒ පැමිණිල්ල කරන අය ගැන එළිදරව් කරමින් විඩියෝවක් කරයි. මුලින් විද්‍යානුකූල අදහස් ඉදිරිපත් කල ඔහු, මේ දුරකථන තර්ජන, පැමිණිලි හමුවේ, අවසානයේදී “ඔය දළඳාව කියන ලබ්බට අපි බය නැහැ, උඹල දළඳාවට ලබ්බ කිව්ව අරක කීව මේක කිව්ව කියල උඹල පුලුවන් නම් අපිට විරුද්ධව ඕන දෙයක් කරල බලපන්” යැයි ආවේගකාරී ස්වරූපයෙන් කියයි. දැන් ඔහුගෙන් නිතර බැට කෑ දෙරණ, හිරු වැනි මාධ්‍ය ආයතන පෙන්වන්නේ එම ටිකක් කේන්තියෙන් මෙන් සේපාල් එසේ කියන විඩියෝවේ චූටි කොටසකි.

ඔහුගේ නාලිකාවට 172,000ක් දෙනා සබ්ස්ක්‍රයිබ් කර තිබුණත් ඔහුගේ විඩියෝ නරඹා තිබුනේ 20,000ත් 100,000ත් අතර පිරිසකි. දැන් මිනිසුන් ඒවා සොය සොයා නැරඹීමෙන් ප්‍රේක්‍ෂක සංඛ්‍යාව ඉහල යමින් පවතී. මා ඊයේ රාත්‍රියේ නැරඹූ සමහර විඩියෝ 5000-10,000 අතර ප්‍රේක්‍ෂක වැඩි වීමක් පෙන්වයි. නමුත් පාර්ලිමේන්තුව තුල මැති ඇමතිවරුන් මේ ප්‍රශ්ණය සේපාල් කී වචන වලින්ම කියමින් – දළඳාවට ලබ්බ කිව්ව – කියමින් ඔහුට දඬුවම් කළ යුතු බව කීමත්, ඒවාද නැවත නැවත මාධ්‍ය මඟින් පැන්වීමත් නිසා දැන් මෙය මුළු ලංකාවමත්, සිංහල, දෙමළ, මුස්ලිම් විදේශ ගත ප්‍රජාවත් අතර ප්‍රචලිත වී ඇත. සේපාල් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කිරීමත් සමඟ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල මෙන්ම මානව හිමිකම් සංවිධාන, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර ආයතන යනාදියේද අවධානය දිනගත් සිදුවීම්ක් බවට පත්වී ඇත.

අපහාසයක් වී නම් ඒ කළ අපහාසය නැවත නැවත ප්‍රචාරය කරමින් එයට තව තවත් ප්‍රචාරය දිය යුතුද? කෙසේ වෙතත් දැන් දළඳාවට – “දළඳා ලබ්බ” යැයි සමාජයේ කියන්නට පටන් ගෙන තිබීම නැවත ආපස්සට හැරවිය නොහැකි ලෙස ස්ථාවර වී තිබේ. මේ ලියන මමවත් දෙරණ බලන තෙක් මේ “දළඳා ලබ්බ” කතාවක් ගැන දැන නොසිටියෙමි. දැන් වරදක් ඇත්නම් එයට වගකිව යුත්තේ සේපාල් පමණද?

දැන් මගේ විහිළු කතාවට නැවත එමු. සේපාල් නිසා එලියට බහින්න බැරුව සිටි සිංහල-බෞද්ධ අන්තවාදීන් නැවත කල එලි බැස ඇත. සේපාල්ගේ “ලබ්බෙ” කතාව නොතිබෙන්නට එලි බහින්නට බැරුව සිටි සිංහල-බෞද්ධ අන්තවාදීන්ට මෙසේ ලෙහෙසියෙන් එලියට ඒමට නොහැකිවනු ඇත. හැම තිස්සේම බිල්ලෙක් මැවීමෙන් තොරව, සතුරෙකු සොයා ගැනීමෙන් තොරව දේශපාලනය කළ නොහැකි මේ සිංහල-බෞද්ධ ජාතීවාදින් මේ නිසා අළුගසා නැගිට ඇත. මෙය තව දිගු කළක් ඇදන් යනු ඇත. දැන් සමාජ ජාලා තුලද, සමාජය තුලද හිටි හැටියේම බෞද්ධ පුනර්ජීවනයක් හටගෙන ඇත. විහිළුවට උනත් කිව යුත්තේ ඒ අනුව බලන විට මේ ජාතීවාදී ආගම්වාදී පැමිණිලිකාර දේශපාලන භික්‍ෂූන්වත් දෙරණ හිරු වැනි මාධ්‍ය ජාලාවත්, දිවයින වැනි පුවත්පත්වත් නොව මේ “බෞද්ධ පුනර්ජීවනයේ පියා” සේපාල් ය! සේපාල් අමරසිංහ නොසිටින්නට ඔවුන් තවමත් ගුල්වලය.

සේපාල් 2019දී ගෝටාබයට සහය දුන්නේය. එවිට ඔහුගේ නාලිකාව අරඹා නොතිබුණි. විටින් විට නොයෙකුත් ස්ථාවර ගත් සේපාල් මේවන විට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට සහය දෙන බව පවසා ඇත. දැන් මේ මැතිවරණ සමයේ නැගී එන ජාතික ජන බලවේගයට පහර ගැසීම සඳහා සේපාල් සිද්ධිය යොදාගෙන ඇත. සේපාල්ම ඔහුගේ නාලිකාවෙන් කියා ඇත්තේ ජාතික ජන බලවේගය උනත් ඔහුගේ විවේචනයට බඳුන්වන බවය. නමුත් සිංහල-බෞද්ධ ජාතිවාදී බලවේග සේපාල්ව ජවිපෙ සාමාජිකයෙකු කර, ඉන් පසුව මෙම දළඳා සිද්ධිය පාදක කරගනිමින් ජවිපෙට හා ජාතික ජන බලවේගයට පහර දීම තීව්‍ර කර ඇත. පොලිසිය ඔහුට ජාත්‍යන්තර වශයෙන් මුදල් ලැබේ දැයි සොයන බවද ප්‍රකාශයට පත්කර ඇත. ඔහුම කියා ඇති පරිදි ඔහුට පිටරටවල සිටින ඔහුගේ ප්‍රේක්‍ෂකයින් කැමරා ආම්පන්න, මුදල් ආධාර ලබාදී ඇත. පොලිසිය කියන්නෙ මුදල් ව්ශුද්ධකරණයද සොයන බවය. ඒ උන්ඩියල් වැනි ක්‍රමයකට මුදල් එවා ඇත්නම් ඔහුව ඒ යටතේද වරදකරුවෙකු කිරීමටය. එසේ යමක් ඔප්පු වුවහොත් මේ ජාතිවාදීන් එයද ජවිපෙ ගිණුමට බැරකරමින් ප්‍රචාරක ව්‍යාපාරවල නියැලෙනු ඇත.

අවසාන වශයෙන් යමක් කිව යුතුය. ඔහු බුද්ධගමට හෝ වෙන කිසිම ආගමකට ගරහා නැත. සේපාල්ගේ විඩියෝ බලන විට පෙනෙන දෙයක් නම් ඔහු මුල සිටම බුදුදහම පිළිබඳ දරණ ස්ථාවරයයි. ඔහුගේ විවේචනයට බඳුන්වන භික්‍ෂූන් සම්බන්ධයෙන් ඔහු කියන්නේ “මේ කාළකන්නි බුදුන්ගේ ශ්‍රේෂ්ට ධර්මය විනාශ කරමින් මඩිය තර කරගන්න හොර රැළක්” කියාය.

The post සේපාල්: නැගී එන බෞද්ධ පුනර්ජීවනයේ පියා ලෙස! appeared first on Colombo Telegraph.

You may also like

- island.lk

Iran’s President Ebrahim Raisi has died after a helicopter carrying him and other officials crashed in a mountainous and forested area of the country in poor weather. The 63-year-old, a figure representing conservative and hardline factions in Iranian politics, was president for nearly three years and appeared on track to run for re-election next year. […]

- island.lk

There is “no sign” of life coming from President Ebrahim Raisi’s helicopter, state TV says. Reuters has also reported that the helicopter was “completely burned” in the crash, citing an Iranian official. (BBC)

- island.lk

“Search and rescue teams have reached the crash site of the helicopter carrying  president Ebrahim Raisi and Iranian Foreign Minister Hossein Amir-Abdollahian,” the Iranian Red Crescent has said in a statement. (Aljazeera)  

- island.lk

Alexander Zverev produced a dominant serving display to clinch a straight sets victory over Nicolas Jarry and claim his second Italian Open title. The German third seed dropped just five points on serve in a 6-4 7-5 win to seal a sixth Masters 1000 crown. Zverev will now move up a place to fourth in […]

- island.lk

Weather forecast issued at 05.30 a.m. on 20 May 2024 by the Department of Meteorology As the  South-West monsoon conditions are gradually establishing across the island, prevailing showery and windy conditions will continue further. Cloudy skies can be expected over most parts of the island. Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa, […]

- island.lk

Rain in Guwahati denied hosts Rajasthan Royals a shot at a top-two finish in the final league fixture of IPL 2024. The game was abandoned, without a ball being bowled, at around 10.50pm local time, meaning RR ended the league phase with four losses in a row, followed by this washout, to finish third with […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc