චීනෙන් ලැබුණු ඩීසල් ගොවීන් අතට
චීන රජය විසින් මෙරට කෘෂි කර්මාන්තය සඳහා ලබාදුන් ඩීසල් , ගොවි ජනතාවට නොමිලේ ලබාදීම අද ආරම්භ කෙරෙනවා. චීනයෙන් ලැබුණු ඩීසල් ලීටර් මිලියන 10.6 යෙන් ඩීසල් ලීටර් මිලියන 6.98 ක් කෘෂිකර්මාන්තය සඳහා ලබාදෙනවා.
ජනාධිපතිවරයා චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව ඩීසල් ලීටර් මිලියන 10.6ක තොගයක් මෙරට කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තයේ නිරත ජනතාවට ලබාදීම සදහා පරිත්‍යාග කෙරුණා. ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සඳහා වෙන්කර ඇති ඩීසල් ලීටර් මිලියන 6.98 ක තොගය ගොවි ජනතාවට ලබාදීම අද ආරම්භ කෙරුණේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. විශේෂ වව්චරයක් මගින් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ඉන්ධන තොග ලබාදීමටයි සැළසුම්කර තිබෙන්නේ. එහි වව්චර් පත නිල වශයෙන් නිකුත් කිරීම අද සිදුකෙරුණා.
චීනයෙන් ඉන්ධන තොගය ලැබෙනවිටත් ගොවි ජනතාව වගාකටයුතු අවසන් කර තිබූ බැවින් එම ඉන්ධන තොග වී අස්වනු නෙළන අවස්ථාවේ නොමිලේ ලබාදෙන ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබුණේ. මෙම මාසය අවසන් වනවිට දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වී අස්වනු නෙළීම ආරම්භ වන බැවින් ඩීසල් තොග නොමිලේ ලබාදීම සිදුකෙරෙනවා. මේ යටතේ හෙක්ටාර එකක් සදහා ඩීසල් ලීටර් 15 ක් සහ හෙක්ටාර 2 ක් වගාකළ ගොවීන් සදහා ඩීසල් ලීටර් 30 ක් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.
මේ අතර ආසියා සංවර්ධන බැංකුවෙන් ලබාදුන් රුපියල් බිලියන 8 න් රුපියල් බිලියන 6ක් ගොවි ජනතාව වෙත ලබාදීමට කටයුතු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරනවා. හෙක්ටාර එකක් සදහා රුපියල් දසදහස බැගින් සහ හෙක්ටාර දෙකක් සදහා රුපියල් විසදහස බැගින් අදාළ මුදල් ගොවිජනතාවගේ ගිණුම් වෙත බැරකර තිබෙනවා. නැවත අය කර ගැනීමකින් තොරව මෙම මුදල් ලබාදෙන අතර ඉතිරි බිලියන දෙකක මුදල මෙම මස දෙවන සතියේ දී ගොවිජනතාව වෙත ලබාදීමට නියමිතයි.
The post චීනෙන් ලැබුණු ඩීසල් ගොවීන් අතට appeared first on ITN News.