වෙළෙඳ ගිණුමේ හිඟය පහළට
2022 වසරේ නොවැම්බර් මාසයේදී වෙළෙඳ ගිණුමේ හිඟය, පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගියද පසුගිය වසරට සාපේක්ෂව අඛණ්ඩව පහළ මට්ටමක පවත්වාගෙන ගොස් තිබේ.<br><br>පසුගිය වසරේ නොවැම්බර් මස පැවැති අමෙරිකානු ඩොලර් මිලියන 553ක වෙළෙඳ ගිණුමේ හිඟයට සාපේක්ෂව මෙම වසරේ එම හිඟය ඩොලර් මිලියන 450ක් දක්වා පහළ බැස ඇති බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.