තියුණු ආයුධවලින් පහරදීමෙන් මනුෂ්ය ඝාතන තුනක්
ගිරිඋල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහරදී දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා.
ඉන් එක් අයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා සැරයන්වරයෙකු බවයි පොලීසිය පවසන්නේ.
ගිරිඋල්ල උදියාවල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුකර ඇති අතර මියගිය පුද්ගලයින් දෙදෙනා අවුරුදු 41 සහ 39 වයස් කාණ්ඩවල පසුවූවන්.
මේ අතර වැල්ලම්පිටිය ලංසියාවත්ත ප්‍රදේශයේ දී ද කාන්තාවක තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා. ඇය 61 හැවිරිදි කාන්තාවක්.
නිවසේ මෙහෙකාර කාන්තාව විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි හෙළිවී ඇත්තේ. ඝාතනය සිදුකළ කාන්තාව ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.
The post තියුණු ආයුධවලින් පහරදීමෙන් මනුෂ්ය ඝාතන තුනක් appeared first on ITN News.